Thursday, December 5, 2013

ලැබැදිය නුබෙ තරම



දවසක වැඩ නිමවා ගිනියම් වු රවි සිසිල සොයමින් සිතිජයෙන් නිල් සයුරේ ගිලීයන්නේ  තවක් කාර්යබහුල දිනයක නිමාව සනිටුහන් කරමිනි.තුරුනු ආදරවන්තයින් සැදෑ සුවය තම මල් මල් කුඩයට මුවා  වී රස විදින කල විඩා බර දිනයක සියලු රජකාරි නිමවා සියලු දෙනා තම සොදුරු කැදලි වලට පියනගන්න බව කොල්ලුපිටියෙ සයවන මහලේ සිය කාර්යාලයෙන් පහත බලන IT රොශාන්ට දිස්වෙන අතර එ සැනින් ඔහුගෙ අවදානය නැවතත් තම පරිගනකය වෙත දිවයන්නේ තමාට පැවරී තිබෙන කාර්යයේ බරපතල කම සිය මුහුනටද එක් කරමිනි.
සිහින් සිරුරකින් හෙබි , කලු බොකටු කොන්ඩය පිටුපසට පිරු ,තලෙලු මුහුනේ පැතිරුන ගොරෝසු රැව්ලකින් හෙබි IT රොශාන්, ලංකාවේ නම දැරෑ මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකි.මෑත භාහයෙ ලංකාවේ තොරතුරු තාක්ශනික පෙරලියක් සිදු කර මොහු මේ දින වල රට වටා යමින් පාසල් ලමුන් සදහා නොමිලේ තොරතුරු තාක්ශනික වැඩමුලු පවත්වයි .
මෙ සියලු සමාජ කටයුතු සමහ IT රොශාන් ඉතා කර්යබහුල බැවින් තම බිරිය සමහ ගත කල කලය ඉත සිමා විය නමුදු හද පත්ලෙන්ම ගැලූ පිවිතුරු ආදරයක් ඇය කෙරේ  දැක්වන රොශන් ඇයගෙ සියලු කාර්යයන් සදහා උපරිම ලෙස සගයෝගය දීමටද අමතක නොකලේය.
මිනෝලි , ඉතා සුන්දර රූ සපුවක හිමිකාරියක් වන මැය  රොශාන් හා හමු වූයේ මීට වසර තුනකට ඉහතදීය.මිනෝලි හා රොශාන් තම දෙමාපියන් විසින් ගෙන එන ලද විවාහ යොජනාවක් මත දැන හදුන ගත්තද ඔවුන් දෙදෙනා ඉමහත් ප්‍රෙමයකින් වෙලී ගිය අතර ඉතා ඉකමනින් විවාහ දිවියට පිය නැග්ගේ සියල්ලෝගේම ආශිර්වාද මැදින්ය .
ගෘහනියක් වු මිනෝලි ඇයගේ තාරුන්‍යයේ ඉනි පෙත්තේ සිටි කාගේත් සිත් ගත් අයෙකු විය.ඉතා පැහැපත් මුහුනක් හිමි ඇයගේ නිල් පැහැති දෙනුවන් , රෝස පැහැති දෙතොල් දෙස දෙවරක් නොබැලු පිරිමියෙක් වෙතොත් ඔහුගේ පිරිමිකම හෝ පේනීම ගැන සැකයක් පැන නගිනූ නොයනුමානයි.ප්‍රසිද්ද වෙළද ව්‍යාපාරික සයිමන් සිල්වා මහතගේ එකම දියණිය වූ මිනෝලි සහ රොශාන් ගේ මුන ගැසීම විවාහ යෝජනාවක් මත පදනම් වූවක් උවද,
දෙදෙනා ඉතාමත් කෙටි කලකින් පෙම්වතුන් වීම රොශාන්,මිනෝලි කෙරේ දැක්වූ ඉමහත් ආදරය නිසා ඇතිවූවක්ද ඒසෙත් නැත්නම් මිනෝලි සහ රොශාන් දෙදෙනාගේ සිතූවිලි වල වූ ගැලපීම මත ඇති වූවක්ද යන්න අබිරහසකී.
නව යුවල තුරුනු වියේ චමත්කාරය විදිමින් ඉතා සතුටින් කල් ගෙව්වද,මිනෝලි බෝහෝ විට නිවසේ තනිව සිටින්නට වූයේ IT රොශාන් ගේ  සමාජ කටයුතු සමහ කාර්යබහුල බැවිනි.මිනෝලි ඉක්මනින්ම දරු පැටවෙක් ගැන සිතන්නට වූයේ මේ තනිකම නීසා විය හැක.දෙදෙනා වසර කිහිපයක් උත්සහ කරද පලක් නොවීය. සතුට සිනහව පීරී ඉතිරී තිබූ රොශන්ගේ පුන්චි කැදැල්ලට කදුල වේදනව ගෙන අවේ මෙයයි. දරු පැටවෙක් බලාපොත්තුවෙන් දෙදෙනා නොකල දෙයක් නොමැත . දේව පූජා, භාර හාර, බෝඩි පූජා එපමනක් නොව දෙදෙනා දෙතුන් වතාවක්ම ඉන්දියාවටද ගියේ සරණ්ක් පතාගේනය . සිනහ පිරුනු සිහින් ආදර කෙදිරිලි ව්ලින් කුල්මත් වූ මොවුන්ගේ සිරි යහන , සෝ සොසුම්, කදුලු සහ  වේදනවෙන් මිලීනව යමින් තිබුනි.
මෙම ප්‍රශ්න කෙසේ වෙතත් රොශාන් තමාගෙන් සමාජයට වියා යුතු සිල්ල නොපිරිහෙලා ඉතු කලේ තම සොදුරියගේ වේදනාවෙන් පිරි සිත සැනසිවීමට සියලු උත්සහද දරමිනි.ඉහත සියලු ප්‍රශ්න වලින් බැට කමින් සිටි රොශන්ට සනසීමට තිබූ එකම සාදකය වූයෙ.නිමවෙමින් පවතින නව සහ ප්‍රතම ශ්‍රී ලාන්කේය මෙයෙයුම් පද්දතිය විය.දින සති මාස ගෙවමින් තිබුනි.
රොශන්ගේ කලණ් මිතුරෙකු වූ අචින්ත රොශාන් ගේ නිවසේ ඉස්තොප්පු කාමරයේ ටික දිනකට නැවතීමට පැමිනියේ රොශාන්ගේන් අචින්ත කල ඉල්ලීමක් නිසාවෙනි.නමුත් අචින්නතගේ පැමිනීම නිසා රොශාන් හා මිනලි අතරේ තිබී අර්බුද කෙමෙන් අඩු විය.මන්ද යත් මිනෝලි ගෙදර ගිනි පිටට නොදෙන්නියක් නිසාවෙනි.
සෙමින් කාලය ගෙවී යමින් තිබූ අතර දරුවෙක් නති රොශන්ගේ කුලුදුල් දරුවා වුනු සිය මෙහෙයුම් පද්දතිය කල එලි දැක්වීම සදහා සියලු වැඩ කටයුතු පිලියෙල වී තිබුනී.කෙතරම් කාර්යබහුල වූවත් දෙදෙනා සිය දරු සිහිනය අමතක නොකල අතර ඒ සදහා කල යුතු සෑම දෙයක්ම කරමින් සිටියහ.මේ අතර රොශාන් ගේ මුහුනේ අසාමන්‍ය ඉදිමීමක් නිසා ඔවුන් රොහල කරා ගියේ කනස්සල්ලෙනි.දෙවියන්ගේ සරදමක් මෙන් ඔවුන්ගේ කනස්සල්ල දෙගුන තෙගුන කරමින් වෛද්‍යවරයා "ඕයාලට බබාල ඉන්නව  නේද?" යැයි විමසන විට මිනෝලි වේදනාව මුසු වූ ලජ්ජාසහගත් මුහුනින් නැහැ ඩොක්ටොර් තවම නෑ මුමුනන්නට විය.
අමාවක රෑ අහස වන් කලු වූ මුහුනකින්  වෛද්‍යවරයා රොශාන් ඔයාට කම්මුල් ගාය ඔයාගේ වයසෙ කෙනෙක්ට කම්බුල් ගාය හැදුනම බබාල ලැබෙන්න තියන සම්බාවිතාය බොහොම අඩුයි.නමුත් බලාපොරොත්තු නැ......................
රොශාන් සහ මිනොලි දෙදෙනාටම එතනින් පසු වෛද්‍යවරයා පැවසූ කිසිවක් නෑසුන අතර,දෙදෙනාම නිවසට පැමිනියේ සියලු බලාපොරොත්තු රහිතවයි.ආදර කතා ,හිනහව දෙදෙනාගෙන් ඈත් වියේ ගියේ නාසා ආයතනයේන් ගුවන් ගත කරන ලද ශටලයක් මෙනි.සුන්දර කුරුලු කූඩුවේ අසුන්දර  ප්‍රශ්න පැන නැගුනි.
අවසනයේ රොශන්ට මෙ සියලු ප්‍රශ් මොහොමතක අමතක කර සිනහා විමට අවස්තවක් උදා විය ඒ සිය මෙහෙයුම් පද්දතියේ ආරම්භක සමන්ත්‍රනයයි.
දින හතක් පුරා පැවති සම්මන්ත්‍රනය නිම වූ විගස රොශන් නිවස වෙත දුව අවේ තම සදාදරනිය බිරිදගේ මුහුන , ඒ සිනහව, ඒ උනුසුම සමග තමගේ මේ විජයග්‍රහනය සැමරීමටයි.
නිවස වෙත පැමිනි රොශන් සීනුව නාද කරන්නට සැරසෙත්ම මිනෝලුගේ ඒ සීනු කට හද ඉස්තොප්පු කමරෙන් ඇසෙන්නට විය.තැති ගත් සිතින් කාමරෙන් පැමිනි හඩට කන් දුන් රොශන්ට තම බිරිය සහ අචින්තක්ගෙ ප්‍රේමන්විත කෙදිරිය කන වැදුනී.
වෙදි කෑ ඌරෙක් මෙන් කිලීපි ආ රොශාන් කෝපෙන්යෙන් දැවෙන්න්ට වීය .කෝපයට දෙවනි නෝවූ වෙදනාවකින් හද කැකෑරෙන්න්ට පටන් ගේන තිබුනි.
ගතවූයෙ නිමෙශයකි කාමරයේ දොර දෙපලු කරමින් අතුලට කඩා වැදුනු රොශන්ට , මිනෝලිගෙ සුන්දරත්වය රස විදින තම සගයා සහ ඔහුගේ උනුසුමේ වෙලී සිටි මිනෝලි දීස්වෙන්නට විය.නමුදු මිනෝලි හට ඔහුගේන් නොලැබේන ඒ දේ ඔහුගේන් ලැබේන බව සිහියට ආ විගස හීලා උන පූස් පටියෙක් මෙන් හිමින් සරේ තම බිරියට පිටුබා ඉවත්ව යන්නට විය.
දෙසවන දෙදුරුම් දෙමින් මහ හඩක් නන්වා පිටු පසින් පැමිනි වේඩි උන්ඩය තැලී පේරී තිබු IT රොශන්ගේ හදවත් පසාරු කරමින් ඉදිරියට අදෙන්න විය. අචින්ටගේ සහ මිනෝලිගෙ නිරුවත් සිරුරු එකි නෙක වෙලී යන සද සමාජයට හා බිරියට අප්‍රමාන ලෙස අදරය කල රොශන් තම අසවන් සුසුම හෙලන්නට විය.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...