Thursday, August 22, 2013

සුසුම් පොදක්...

හැලූ කදුලැල්
හෙලූ සුසුමන්
සෙමින් පිසදා
සිනා සෙන්නට....
පෙරදා මෙන්
මෙදත් කෙලිදෙලෙන්
ගෙවනට  ඔබෙ දිවිය,
කිමක් කරම් මා
කුමක් විදිම් මා
කාට කියන් මා...
කියන් මා හට ,
කෙලෙසක,
බලා හිදිනු මා මෙලෙස ,
මා සොදුර.
බිදක් පාසා හෙලූ කදුලැල්
බිදක් පාසා ගැලූ ලේ බිදු
සියක් ගනනින් විදු දුක් ගිනි
හෙලූ සුස්මන්
දහස් ගනනින් පව් පිරෙ මා හට ....
සොදුරු ලොවක,
සිනිදු මලක ,
පහස විදින ,
දිනය ලගද... මා සබද....
අදුරු ලොවක
කටු කැලයක
සිරව තනිය
සිටිනු කිම ම ලැබද ....
කෙලෙස ඉවසම් විදින දුක් ගිනි..


සියලු හිමිකම් ඇවිරිනි
කමිදු සචිත් පුන්චිහෙවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...