Friday, January 28, 2011

නිකම් ලිව්වා

සිනසෙන්නට වෙර දරයි සිත
නුබව සිහි වී දැවී යයි ලය
කෙසේ කෙලෙසක සිනසෙනු මම
නුබ නැතිව අද මගෙ
තනියට ..

සිතුවෙ සැමද එක්ව ඉන්නට
සිහින ලොකෙක රජ කරන්නට
සුමුදු සුසිනිදු වෙරල තීරෙක
මගෙ ලොකය ගොඩ නගන්නට

රැජින කරවා මගෙ ලෝකෙට
රැගෙන විත් ඔබ සරස වන්නට
ලොවෙ අනගිම කිරුල දෙන්නට..



මක් කරන්නද
මහ බබා හට අකැප වී ඇත
මගෙ නලලත ඔබව කෙටුමට

හදේ පතුලෙන් නැගෙන කෙදිරිලි
සමග එක්වී
මගේ සිතුවිලි
මෙලෙස ලියෙවේ
කදුලු ගී පොදි

සියලු හිමිකම් ඇවිරිනි: කමිදු සචිත් පුංචිහෙවා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...